Saturday, May 4, 2024

General line - 0115112241

බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය ගිවිසුමකින් තොරව සිදුකිරීමට අදාළ යෝජනාව පරාජයට

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය ගිවිසුමකින් තොරව සිදුකිරීමට අදාළ යෝජනාව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වී තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ අග‍්‍රාමාත්‍යවරයාගේ පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් 20කට වැඩි පිරිසක් ඡන්ද විමසීමේදී ඔහු ගෙනආ මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කර ඇති බවයි.

අදාළ යෝජනාව සම්මත කර ගැනීමේ පළමු අදියර ලෙස මෙය සැලකුණා.

බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප‍්‍රකාශ කළේ මෙම යෝජනාව පරාජයට පත් වුවහොත් නියමිත කාලයට පෙර මැතිවරණයක් පැවැත්වීමට අදාළ යෝජනාවක් සම්මත කිරීමට අපේක්‍ෂා කරන බවයි.

බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගෙන ඇති තීරණය නතර කිරීම සදහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කිරීමටයි එරට විපක්‍ෂයේ කණ්ඩායම් සැලසුම් කර තිබුණේ.