Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දීය සුපිිරි කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ සුපිිරි කී‍්‍රඩකයෙකු වන මොහොමඞ් සාමි අත්අඩංගුවට ගැනීම සඳහා බටහිර බෙංගාල අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

ඒ, සිය බිරිද විසින් ගොණු කරන ලද ගෘහස්ථ හිංසනයට අදාළ පැමිණිල්ලක් විභාග කළ අවස්ථාවේදීයි.

මොහොමඞ් සාමිගේ බිරිද විසින් ඉකුත් මාර්තු මාසයේදී ඔහුට එරෙහිව අපරාධ චෝදනා සහිත නඩුවක් ගොණු කළා. ඒ, ඝාතනය කිරීමට තැත් කිරීම කෲරත්වය සහ ප‍්‍රචණ්ඩත්වය යන චෝදනා ඇතුළත් කරමින්.

ඒ අනුව අධිකරණය දැනුම් දී ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නිම කර දින 15 ක් තුළ මොහොමඞ් සාමි අධිකරණයට භාර විය යුතු බවයි. ඉකුත් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී කඩුළු ති‍්‍රත්වයක් ලබාගනිමින් මොහොමඞ් සාමි ලොවපුරා අවධානයට ලක් වුණා.