Friday, May 3, 2024

General line - 0115112241

කුසල්ට සහ ෂෙහාන්ට තුන්වන විස්සයි විස්ස තරගය අහිමිවන ලකුණු

සමන්ත කුමාර/කසුන් කැලුම්




නවසීලන්තය සමග ඊයේ පැවති දෙවන විස්සයි විස්ස තරගයේදී ආබාධවලට ලක්වු කුසල් මෙන්ඩිස්ට සහ ෂෙහාන් ජයසූරියට දෙරට අතර පැවැත්වෙන තුන්වන විස්සයි විස්ස තරගය අහිමිවනු ඇතැයි වාර්තා වනවා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලිද සිල්වා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ බෝහෝ දුරට එම කී‍්‍රඩකයන් දෙදෙනා තුන්වන විස්සයි විස්ස තරගයට සහභාගී නොවනු  ඇති බවයි.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට බොහෝ දුරට කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇති. අබාධයට ලක්ව සිටින කී‍්‍රඩකයන් දෙදෙනා වෙනුවට කී‍්‍රඩකයන් දෙදෙනෙකු ආදේශ කිරීමට නියමිත බවද වාර්තා වනවා.

දෙරට අතර තුන්වන විස්සයි විස්ස කි‍්‍රකට් තරගය එළඹෙන සිකුරාදා පල්ලේකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. නවසීලන්ත කණ්ඩායම දැනටමත් දෙකට බින්දුවක් ලෙස මෙම තරගාවලිය ජය ගෙන සිටිනවා.