Friday, May 3, 2024

General line - 0115112241

අගමැතිවරයා මැතිවරණයක් ඉල්ලා සිටියදී විපක්ෂය "එපා" කියයි

දිනුක් හේවාවිතාරණ




කොන්දේසි රහිතව යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් විය යුතු බවට අගමැති බොරිස් ජොන්සන් ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද 27කින් පරාජයට පත්වුණා. ඊට විරුද්ධව ඡන්ද 328ක් ලැබී ඇති අතර පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 301ක් පමණයි.

අග්‍රාමාත්‍ය ධුරයට බොරිස් ජොන්සන් පත්ව සති 6ක් ඇතුළත මොහු විසින් ඉදිරිපත් කළ පළමු යෝජනාවම පරාජයට පත්වීම විශේෂත්වයක් වනවා. මේ අතර මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවට බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක්ද පරාජයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අගමැතිවරයා ගෙනා යෝජනාවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂය වන කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

"අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ මැතිවරණයක් සඳහා වූ ආරාධනය ප්‍රතික්ෂේප කළ පළමු විපක්ෂ නායකයා ඔහු බවට පත්ව ඇතැයි මම සිතමි." "පැහැදිලි නිගමනය ඔහුට මැතිවරණයක් ජය ගැනීමට හැකිවෙයි කියලා විශ්වාසයක් නැහැ" ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියා සිටියා.