Friday, May 10, 2024

General line - 0115112241

ඇල්පිටියේ ඡන්දය ජනපතිවරණයට බලපායිද? මහින්දගෙන් පිළිතුරක්




ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය මත පමණක් ජනාධිපතිවරණ ප්‍රතිඵලය පුරෝකතනය කළ නොහැකි බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් විපක්‍ෂ නායකවරයා මේ බව කියාසිටියා.

" ඕනෑම මැතිවරණයකට අපි සුදානම්. ඇල්පිටිය කියන්නේ පොඩි ප්‍රාදේශීය සභාවක්. එකේ ප්‍රතිපලය ජනාධිපතිවරණය ගැන මනින්න බැහැ" මෙහිදී විපක්ෂ නායකවරයා කියා සිටියා.

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ මැතිවරණ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සූදානම පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මෙලෙස අදහස් පළ කළා.