Saturday, May 4, 2024

General line - 0115112241

ඉරානය සහ බ්‍රිතාන්‍යය අතර මතභේදයක් ඇති කළ නෞකාව ගැන අමෙරිකාව කතා කරයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉරානයට අයත් මතභේදාත්මක ඉන්ධන නෞකාව සියතට ගැනිම සදහා එහි කපිතාන්වරයාට මුදල් ලබා දිමට සුදානම් වු බවට පලවු වාර්තා අමෙරිකාව පිලිගෙන තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු විසින් ඒ බව ප්‍රකාශයට පත් කර ඇති බවයි. 

ඉරානය සහ බ්‍රිතාන්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික මතභේදයක් ඇති කරමින් ඉරානයට අයත් ඒඞ්රියන් දාර්යා වන් නෞකාව බ්‍රිතාන්‍යය විසින් සියතට ගනු ලැබුවා. 

පසුව බ්‍රිතාන්‍යය විසින් එම නෞකාව මුදා හැරියේ අමෙරිකාවේ විරෝධය නොතකායි. කෙසේවෙතත් අදාල නෞකාව සිය භාරයට ගත හැකි මුහුදු ප්‍රදේශයක් වෙත රැගෙන එන ලෙසත් ඒ සදහා මුදල් ලබා දෙන බවත් පවසමින් අමෙරිකාව විසින් නෞකාව භාර ඉන්දියානු කපිතාන්වරයා වෙත විද්‍යුත් තැපැලෙනු ලිපියක් යොමු කර තිබෙනවා. 

අදාල විද්‍යුත් ලිපිය ප්‍රසිද්ධියට පත්විමෙන් අනතුරුවයි අමෙරිකාව විසින් එහි වගකිම භාරගෙන ඇත්තේ. සිය උත්සහය ව්‍යර්තවිමෙන් අනතුරුව අමෙරිකාව විසින් ඉකුත් සිකුරාදා එම නෞකාව අසාධු ලේඛණගත කර ඊට සම්බාධකද පනවනු ලැබු බව විදෙස් වාර්තාවන්හි සදහන්. අමෙරිකාව පවසන පරිදි සිරියාවට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු අදාල ඉරාන නෞකාව තුල ඉරානයට අයත් බොරතෙල් බැරල් මිලියන 2.1 ක් ගබඩා කර තිබෙනවා.