Friday, May 3, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය අගමැතිට සහෝදරයාගේ සහයත් අහිමිවෙයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජෝ ජොන්සන් සිය අමාත්‍යධූරයෙන් මෙන්ම පාර්ලිමේන්තුවෙන් ද ඉල්ලා අස්වී තිබෙනවා. අමාත්‍යවරයා පැවසුවේ පවුල් පක්ෂපාතීත්වයට සහ ජාතික අවශ්‍යතාවයට මැදිව සිටීම නිසා තමන් මෙම තීරණය ගත් බවයි. 

ජෝ ජොන්සන් යනු බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයාගේ බාල සහෝදරයා වනවා. කෙසේවෙතත්, දේශපාලන විචාරකයින් පවසන්නේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ හට ගෙන ඇති අර්බුධකාරීත්වය හමුවේ ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි. 

ජෝ ජොන්සන්ගේ ඉල්ලා අස්වීමත් සමගම පාර්ලිමේන්තුව තුළ සිටින තවත් ප්‍රබල සාමාජිකයෙකු පාලක කන්සර්වේටිව් පක්ෂයට අහිමි වනවා. එරට ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය පවසන්නේ අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයට ඔහුගේ සහෝදරයා පවා විරුද්ධ බවයි. 

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලියේදී බ්‍රිතාන්‍යය යුරෝපයෙන් වෙන් නොවිය යුතු බව ජෝ ජොන්සන්ගේ මතයයි.  එහෙත්, අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්විය යුතු බව අවධාරණය කරනවා.