Sunday, May 12, 2024

General line - 0115112241

පොහොට්ටුව සමග සාකච්ඡාවෙන් පසු ශ්‍රීලනිපය ගෝඨාභය සමග සාකච්ඡාව අරභයි

සජිත් තිලකරත්න




එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර 8 වන සාකච්ඡා වාරය අද (06) පස්වරුවේ පැවැත්වුණා.

ඒ, විපක්‍ෂ නායක කාර්යාලයේදීයි. පස්වරු 2.00 ට පමණ ආරම්භ වූ එම සාකච්ඡාව පස්වරු 4.00 පමණ තෙක් පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර, උපසභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර සහ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න එම සාකච්ඡාවට එක් වුණා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ සාකච්ඡාවට එක්ව තිබෙනවා. කෙසේවෙතත් එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තවදුරටත් සාකච්ඡා කිරීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

මෙම සාකච්ඡාව නිමාවීමෙන් පසු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයන් සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ අතර තවත් සාකච්ඡාවක් විපක්‍ෂ නායක කාර්යාලයේදී ආරම්භ වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.