Monday, May 13, 2024

General line - 0115112241

බේරුවල DS සේනානයක විද්‍යාලයේදී 'යූ ආර් අ ලීඩර්' ඇරඹේ




නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂය සංවර්ධන වැඩසටහනේ 42 වැන්න අද (06) බේරුවල ඩී එස් සේනානයක විද්‍යාලයේදී ආරම්භ වුණා.

සිසුන් මෙන්ම ගුරුවරුන් සහ මව්පියන් වෙනුවෙන් ද අද දිනයේ දේශන කිහිපයක් පැවැත්වුණා.

ජීවිතය ජය ගැනීමට මග පෙන්වන විශේෂ දේශනයක් මෙහිදී පැවැත්වුණේ ආරාධිත පාසල් කිහිපයක සිසුන්ගේද සහභාගිත්වයෙන්.

ඊට එක් වූ එම ආරාධිත පාසල්වල සිසුන් කිහිප දෙනෙකු මෙම වැඩසටහන පිළිබඳ නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් සඳහන් කළේ වැඩසටහනට සම්බන්ධ වීමට ලැබීම ගැන ලොකු සතුටක් ඇති බවයි. ඒ හරහා ලැබුණු අලුත් දැනුම ජීවිතයට වටිනා අවස්ථාවන් උදාකරන බවද සඳහන් කෙරුණා.