Saturday, May 4, 2024

General line - 0115112241

ගොඩබෑමට සුළු මොහොතක් තිබියදී චන්ද්‍රයාන් -2 යානයේ සම්බන්ධතාවය ඇණ හිටි

දිනුක් හේවාවිතාරණ




සඳෙහි ගවේෂණය නොකළ දකුණු ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් ගොඩ බැස්ස විමේ පළමු රට බවට පත්වීමට ඉන්දියාව ගත් උත්සාහය අසාර්ථක වි තිබෙනවා.

මීට මාසයකට පමණ පෙර ඉන්දියාව විසින් කක්ෂගත කරන ලද චන්ද්‍රයාන් -2 යානය සඳට කිලෝමීටර් 2.1 ක් පමණ දුරින් සඳ වෙත ළඟා වි තිබියදි ඒ සමග පැවති සම්බන්ධතාවය නැතිවු බව ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ඉස්රෝ) පැවසුවේ.
 
චන්ද්‍රයාන් -2 යානය සඳ මතට ගොඩබෑමට හැකිවුවා නම් එලෙස මෘදු ගොඩබෑමක් සිදු කළ සිව්වන රට බවට ඉන්දියාව පත්විමට ඉඩ තිබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

චන්ද්‍රයාන් -2 යානය පසුගිය අගෝස්තු මස 20 වෙනිදා සඳෙහි කක්ෂයට ඇතුල්වු අතර ගුවන් ගත කර මාසයකට පසුව සිකුරාදා (06) දින සඳ මතට ගොඩබෑමට නියමිතව තිබුණා.

කෙසේ නමුත් සියල්ල මනා ලෙසින් සිදුවෙමින් තිබියදී යානය සහ අභ්‍යවකාශ පාලන මැදිරිය සමග පැවති සම්බන්ධතාවයන් ඇණ හිටිය බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙම ඓතිහාසික අවස්ථාව සියැසින් දැක බලා ගැනිම සදහා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදී ඉන්දිය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ පාලන මැදිරියට ආසන්නයේ පිහිටි විශේෂ කුටියේ සිටි තිබෙනවා.

නමුත් මුහුණ දිමට සිදුවු තත්ත්වය සම්බන්ධයෙන් අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ ජේෂ්ඨ නිලධාරින් ඉන්දීය අගමැතිවරයාට කරුණු පැහැදිලි කිරිමක් සිදුකරනු ලැබුවා.

ජිවිතයේ ඉහල පහල යෑම් සිදුවන බැවින් මේ ලැබු ජයග්‍රහණය කුඩා එකක් නොවන බව ප්‍රකාශ කල ඉන්දිය අගමැතිවරයා, මෙමගින් ජාතියටත්, විද්‍යාවට හා මානව වර්ගයාට විශාල සේවයක් කර ඇති බැවින්, තමන් නිරන්තරයෙන්ම සහයෝගයට සිටින බවට ප්‍රකාශ කර තිබෙනවා. මෙම මෙහෙයුමට සම්බන්ධව සිටි විද්‍යාඥයින් ඇගයිමකට ලක් කිරිමට ඉන්දිය අගමැතිවරයා කටයුතු කල බවට එරට මාධ්‍ය වාර්තා කර සිටියා.