Monday, May 13, 2024

General line - 0115112241

කෝට්ටේ රජමහා විහාරයේ පෙරහැර මංගල්‍යය අදින් ඇරඹේ

සමන්ත කුමාර/සජිත් තිලකරත්න




ඓතිහාසික ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික දළඳා පෙරහැර මංගල්‍යයේ මහා පෙරහැර අද රාති‍්‍රයේ වීථි සංචාරය කෙරෙනවා. මෙවර එම පෙරහැර පැවැත්වෙන්නේ 119 වන වරටයි. රාති‍්‍ර 8.27 ට යෙදෙන සුබ මොහොතින් මංගල හස්ථි රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි. 

මෙම පෙරහැර මංගල්‍යය සදහා නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

මේ අතර මෙම පෙරහැර මංගල්‍යය හේතුවෙන් අද පස්වරු හයේ සිට පෙරහැර අවසන් වන තුරු පෙරහැර ගමන් ගන්නා මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සීමා කෙරෙනවා. ඒ හේතුවෙන් මාර්ග අවහිරතා වළක්වා ගැනීම සදහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.