Monday, May 13, 2024

General line - 0115112241

ජනපතිවරණයට ඉදිරිපත් වීමේ ‍රනිල්ගේ තීරණයට සජිත් පාර්ශවයේ විරෝධය

සමන්ත කුමාර/සජිත් තිලකරත්න




අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබාදෙන ලෙස ඉල්ලමින් පළාත් පාලන නියෝජිත හමුවක් අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදීයි. එක්සත් ජාතික පක්‍ෂයේ පළාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන්, අපේක්‍ෂකයන් සහ හිටපු මන්තී‍්‍රවරුන්  ඒ සදහා එක්වන බවයි රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ නෙත් නිවුස් වෙත කියාසිටියේ. පස්වරු එකට එම රැස්වීම ආරම්භවීමට නියමිතව තිබෙනවා.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම පක්‍ෂ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි. අරලියගහ මන්දිරයේදී ඊයේ පැවති පක්‍ෂයේ ජේ්‍යෂ්ඨයන්ගේ රැස්වීමකදී මෙම තීරණයට එළැඹුණා. 

එම රැස්වීමට එක් වූ  පක්‍ෂයේ ජේ්‍යෂ්ඨයන් රැසක් යෝජනා කර ඇත්තේ ජනාධිපති අපේක්‍ෂකත්වය සදහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාත් අග‍්‍රාමාත්‍ය ධුර අපේක්‍ෂකයා ලෙස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාත් නම් කිරීමටයි. කෙසේවෙතත් පක්‍ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂිම් සහ අමාත්‍ය මලික් සමරවික‍්‍රම යෝජනා කර ඇත්තේ පක්‍ෂයේ ජනපි‍්‍රයම පුද්ගලයා ලෙස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කළ යුතු බවයි. 

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර හෙට පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව අවසන් තීරණයක් ගැනීමට එම සාකච්ඡාවේදි තීරණය කෙරුණා. 

මේ අතර එම රැස්වීමේදී ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ පාර්ශවය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගෙන් අදහස් විමසීමක් කළා. 

ඊට ඔහු ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කළ යුතු බවට යෝජනා කෙරෙන ලිපියට එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 77 දෙනාගෙන් 42 දෙනෙකු දැනටමත් අත්සන් තබා ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.