Saturday, May 4, 2024

General line - 0115112241

අගමැති මෝදි ඉන්දීය විද්‍යාඥයන් දිරිමත් කරයි - චන්ද්‍රයාන් ව්‍යාපෘතිය අසාර්ථක වූවද කණගාටු නොවිය යුතු බව කියයි

සමන්ත කුමාර




චන්ද්‍රයාන් - 2 යානය සැලසුම් කළ පරිදි සඳ මතට ගොඩ බැස්වීමට නොහැකි  වුවද බලාපොරොත්තු අත්හළ යුතු නැතැයි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. චන්ද්‍රයාන් - 2 යානය පෘථිවිය සමග පැවති සබදතා බිද වැටීමෙන් පසුව ඒ පිළිබද අදහස් දක්වමින් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. 

එම යානාව සඳ ආසන්නය තෙක් රැගෙන ගිය ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ විද්‍යාඥයින් සිය රටට ආඩම්බරයක් බවයි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ. චන්ද්‍රයාන් - 2 මෙහෙයුමේ කොටසක් පමණක් සැලසුම් කළ පරිදි අවසන් නොවුනත් ඉන් විශාල කොටසක් සාර්ථක වු බවයි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. 

මෙය ධෛර්ය සම්පන්න විය යුතු අවස්ථාවක් බවත් දීප්තිමත් දිනයක් ඉතා ඉක්මණින් උදාවනු ඇති බවත් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් සදහන් කළා.

චන්ද්‍රයාන් - 2 යානය සහ පෘථිවිය අතර සබදතා බිද වැටුණේ  එම යානය සඳට කිලෝමීටර් 2 යි දශම 1 ක් පමණ ආසන්නව තිබියදීයි. සඳෙහි ගවේෂණය නොකළ දකුණු ධ‍්‍රැවයට එම යානය ගොඩ බැස්වීමට සැලසුම් කර තිබුණා.