Thursday, May 9, 2024

General line - 0115112241

අගමැති සහ ඇමති සජිත් අතර ගණුදෙණුවක් ඇත්දැයි හරීන්ට සැකයක්

කසුන් කැලුම්




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අමාත්‍ය සජිත් ප්‍රේමදාස සමඟ යම්කිසි ගනුදෙණුවක් අනුව කටයුතු කරනවාදැයි තමන් සැක සිතන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ අද පැවති එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිත සමුලුව අමතමින්.

එම සමුලුව අමතමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේ ජනාධිපති ධූර අපේක්ෂක සටන තමන් කිසි ලෙසකින් හෝ අත් නොහරින බවයි.