Thursday, May 9, 2024

General line - 0115112241

අලුත් ලකුණකින් සහ පාටකින් ජවිපෙ ජනාධිපතිවරණ සටනට

කසුන් කැලුම්/සජිත් තිලකරත්න




ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය සිය ඡන්ද ලකුණ සහ තරග වදින පක්‍ෂයේ නම ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු එළිදක්වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

මන්තී‍්‍රවරයා ඒ පිළිබද කරුණු දක්වමින් සඳහන් කළේ "මෙය අලුත් පක්ෂයක්.. පෙරමුණක් නිසා..අලුත් ලකුණකුත් අපිට හිමිවෙනවා. ලකුණු සහ අපේ පාට පිළිබඳව ඉදිරියේදී අපි ජනතාවට දැනුම් දෙනවා.  මෙහි ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය ජනතා සභා නමින් අනුරාධපුර යොවුන් නිකේතනයෙන් ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉන් පසු සෑම දිස්ත්‍රික්කයකම වැඩසටහන් ආරම්භ කෙරෙනවා." යනුවෙනි.

ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය සිය ඉදිරි ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු අද (08) සිට ආරම්භ කරන අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක අදහස් පළ කරමින් සඳහන් කළේ පියවරයන් හතරක ක්‍රියාවලියක් මෙහිදී සිදුවෙන බවයි.