Saturday, May 18, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ 225න් 102ක් ගැන ජවිපෙන් අනාවරණයක්

සජිත් තිලකරත්න




වත්මන් පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් 225 දෙනාගෙන් අඩකට ආසන්න පිරිසක් මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්තී‍්‍රවරුන්ගේ පුතුන්, දියණියන් හෝ ඥාතීන් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ඒ අතර හිටපු මන්තී‍්‍රවරුන්ගේ ඥාතීන්ද වන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක නෙත් නිවුස් වෙත කියාසිටියේ. 

එහිදී "පාර්ලිමේන්තුවේ වර්තමාන මන්ත්‍රිවරු 225 දෙනාගෙන් 102කගේ පියා හෝ සීයා, ස්වාමිපුරුෂයා පාර්ලිමේන්තුවේ හිටපු අය. මේක සහමුලින්ම පවුල්වාදයක් වෙලා තියෙනවා.  ගමේ ගොවි නායකයෙක්, වෘත්තීය සමිති නායකයෙක් හෝ යම් සංවිධානයක නායකයෙක් පාර්ලිමේන්තුවට එන ස්වභාවයක් ඉස්සරහට නෑ. ලෝකයේ දියුණු රටවල බැලුවාම බිම් මට්ටමේ සිට වැඩකරලා එන අය තමයි නායකත්වයට ඇවිල්ලා තියෙන්නේ. " යනුවෙන් සඳහන් කළා.