Monday, May 13, 2024

General line - 0115112241

ගැටඹරු රජමහා විහාරයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යය කටයුතු ඇරඹෙයි

සජිත් තිලකරත්න




කොටපොල ඓතිහාසික ගැටඹරු රජමහා විහාරයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අද (08) අළුයම යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණා.

ගැටඹරු රජමහා විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ ආනන්ද හිමියන් සඳහන් කළේ අද රාත්‍රියේදී පරිත්‍රාණ ධර්ම දේශනාවත් හෙට උදෑසන සංඝගත දක්ෂිතාවත් සඳහා කටයුතු සූදානම් කර ඇති බවයි.

ඒ අනුව 09 වැනිදා, 10 වැනිදා සහ 11 වැනිදා පේළි පෙරහැර ද 12 සහ 13 යන දෙදින තුළ රන්දෝලි මහා පෙරහැරද පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.

මෙම පෙරහැර මංගල්‍ය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ්. එම්. රේඩියෝවයි.