Saturday, May 11, 2024

General line - 0115112241

අපේක්ෂකයා ගැන තවමත් තීරණයක් නැතැයි රවී කියයි

නිහාල්සිරි ගම්ලත්




එක්සත් ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා පිළිබඳ මේ දක්වා කිසිඳු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා. ඔහු කියා සිටියේ සුදුසු වේලාවේදී අපේක්ෂකයා ඉදිරිපත් කරන බවයි.

එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්ෂයක නායකයෙකු වන අමාත්‍ය මනෝ ගනේෂන් ද ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. 

මේ අතර අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතත් අභ්‍යන්තර ප්‍රශ්න පිළිබඳ කලබල නොවිය යුතු බවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක  ද ප්‍රකාශ කළේ. ඔහු කියා සිටියේ ජනාධිපති ධූරයත්, පාර්ලිමේන්තුවේ බලයත් දිනා ගැනීමට කටයුතු කළ යුතු බවයි.