Saturday, May 18, 2024

General line - 0115112241

සාලින්දගේ අභාවයෙන් හිස්වූ මන්ත්‍රිධුරයට ඩි.බි.හේරත් නම් කරයි 

දිනුක් හේවාවිතාරණ




පසුගියදා අභාවප්‍රාප්ත වූ කුරුණෑගල දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රි සාලින්ද දිසානායක මහතා ගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය සඳහා එච්.එම්.ඩි.බි.හේරත් නම් කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා විසින් මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බවයි වාර්තා වන්නේ.

එච්.එම්.ඩි.බි. හේරත් මිට පෙර වයඹ පළාත් සභාවේ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරනු ලැබු අතර ඔහු ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නියමිතයි.