Saturday, May 18, 2024

General line - 0115112241

ශ්‍රීලනිපය ජනපති අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීම ගැන පොහොට්ටුවට සැකයක්

සිතාරා අතුකෝරල




ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය  ජනාධිපති ධුර අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත්තේ දිනන අපේක්‍ෂාවෙන්ද නැතහොත් වෙනත් අපේක්‍ෂකයෙකු පැරදවීමේ අභිලාෂයෙන්ද යන්න සැක මතු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි සභාපති, මහාචාර්ය ජී එල් පීරිස්  කොළඹ අද (09)  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියාසිටියා.

" ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන විකල්පයක් තමයි වෙනම අපේක්ෂකයෙක් කිරීමයි.එසේ සිදුකරනවා නම් ඇසිය යුත්තේ ඔවුන් මේ අපේක්ෂකයා නම් කරන්නේ ජයග්‍රහණය සඳහා ද නැත්නම් තවත් අපේක්ෂකයෙක් පරාජය කිරීම වෙනුවෙන්ද කියා සිතා බැලීම වැදගත් වන්නේ. මොකද ඔවුන් කියා සිටිනවා අපිට රජුන් තනන්න බැහැ කියා. එවැනි වාතාරණයක් යටතේ මෙලෙස අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම හරහා වන්නේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ අපේක්ෂකයා දුර්වල කිරීමේ වැඩපිළිවලක් ක්‍රියාත්මකයි කියලා තේරුම් ගන්න සිදුවෙනවා"  මහාචාර්ය ජී එල් පීරිස් කියාසිටියා.

මහාචාර්ය ජී එල් පීරීස් මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන්ට ආරාධනාවක්ද සිදුකළා.