Saturday, May 18, 2024

General line - 0115112241

තිරිගු පිටි වැඩි මිලට අළෙවි කළ සියයකට නඩු

කසුන් කැලුම්




වැඩි මිලට තිරිගු පිටි අළෙවි කළ සිල්ලර වෙළදුන් සිය දෙනෙකුට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.

ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලදී ඔවුන් පාලන මිල ඉක්මවමින් තිරිගු පිටි අළෙවි කර ඇති බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ. උපරිම සිල්ලර මිල රුපියල් 87 ක් වන තිරිගු පිටි කිලෝවක් මෙම වෙළදුන් රුපියල් 90 ත් 100 ත් අතර මිලකට අළෙවි කර ඇති බවද එම අධිකාරිය සදහන් කළා.