Saturday, May 18, 2024

General line - 0115112241

මාලිංග යළි මහින්ද අගයයි

කසුන් කැලුම්




එල් ටී ටී ඊ ත්‍රස්තවාදය නිමා කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තමන් පමණක් නොව මෙරට සියළු ජනතාවගේ ප්‍රසාදය හිමිවන බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. ක්‍රිකට් ආයතන පරිශ්‍රයේදී මාධ්‍යවේදීකන් නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සදහන් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර  අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති වියත් මග සමුළුවට සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහභාගිවීම සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් ලසිත් මාලිංගගෙන් ප්‍රශ්න කළා.

මහින්ද මහත්තයා මට කරපු උදව්ව, මගේ කකුල කැඩුණු වෙලාවේ මට කරපු උදව්ව ගැනයි මම කතා කලේ. මගේ කකුල හොද උන එක ගැනයි කතා කලේ. මාධ්‍ය ඒක වැරදි විදීහට අර්ථ දැක්වුවාට මට කරනන් දෙයක් නැහැ. වසර තිහක් පුරා රටේ පැවති යුද්ධය අවසන් කරලා ඔබලාට වගේම මටත් මේ රටේ නිදහසේ ඇවිදින්න අවස්ථාව උදාකර දුන්නේ එතුමා. ඉතින් මම විතරක් නෙමෙයි මුළු රටම මහින්ද මහත්තයාට කැමති, මාලිංග කියා සිටියා.

ඉදිරියේදී තමන් දේශපාලනයට පිවිසෙන්නේ දැයි මාධ්‍යවේදීන් මෙහිදී මාලිංගගෙන් විමසීමක් කළා.

මම දේශපාලනය ගැන දන්නේ නැහැ. මම දන්නේ ක්‍රිකට් ගැන විතරයි දන්නේ. මුරලිදරන් වියත්මග වැඩසටහනට ගියේ එයාගේ පුද්ගලික අදහසකින්. ජනප්‍රියත්වය කියන්නේ රටක් පාලනය කරන්න පුලුවන් කියන දෙයක් නෙමෙයි. මම පාලනය කියන්නේ මොකක්ද ජනප්‍රියත්වය මොකක්ද කියලා හොදින් හඳුනාගෙන ඉන්නේ.