Saturday, May 18, 2024

General line - 0115112241

මෙවර ජනාධිපතිවරණයට දෙලක්‍ෂයක නව ඡන්දදායකයින්

කසුන් කැලුම්




ජනාධිපතිවරණය නොවැම්බර් 9 සහ දෙසැම්බර් 9 අතර දිනකදී පැවැත්වීමට ඉඩ පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ජනාධිපතිවරණය පැවැත්වීමේ බලතල හෙට (10) සිට මැතිවරණ කොමිෂන් සභාවට හිමිවන බවයි ඔහු සදහන් කළේ. මැතිවරණ කොමිෂන් සභාවේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහින්ද දේශප්‍රිය මේ බව සදහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලැබී තිබෙන ප්‍රතිපාදන අනුව 2019 දෙසැම්බර් 09 වෙනිදාට පෙර හෝ 2019 නොවැම්බර් මස 09 වෙනිදාට පසු මැතිවරණය තියන්න පුළුවන්. නමුත් නොවැම්බර් 09 වෙනිදා අපිට මැතිවරණය තියන්න බැහැ. ඒ වගේම නොවැම්බර් 12 වෙනිදා පෝය දවස නිසා මැතිවරණය තියන්න බැහැ.  තියන්න පුළුවන් ලඟම දිනය නොවැම්බර් 15 වෙනිදායි. නමුත් අපිට මැතිවරණය තියන්න පුලුවන් බලය ලැබෙන්නේ සැප්තැම්බර් 15 වෙනිදායි, නමුත් එදාට අපි නාම යෝජනා කැඳවීමක් සිදු කරන්නේ නැහැ. නාම යෝජනා කැඳවීම දිනය කැඳවීමේ පුළුවන් අන්තිම දිනය ඔක්තෝම්බර් මස 15 වෙනිදායි. දේශපාලඥයින් වගේම නක්ෂත්‍රවේදීන් කියන දිනයට අපි මැතිවරණය තියන්නේ නැහැ. අපි සුදුසු දිනයක් බලලා මැතිවරණය තියනවා.

මෙවර ජනාධිපතිවරණයේදී නව ඡන්ද දායකයින් ලක්‍ෂ 2 ක් පමණ ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියාසිටියේ.

2017 ජන්ද හිමි නාමලේඛනය තමයි 2018 වසරේදී යොදා ගත්තේ. මෙවර ජනාධිපතිවරනයේදී ලක්ෂ දෙකකට අසන්න නව ජන්ද දායකයින් පිරිසක් ජන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා තියෙනවා වයස අවුරුදු 18 සම්පුර්ණ කිරීම නිසා.