Wednesday, May 15, 2024

General line - 0115112241

කණු මතින් ඉදිවන ප‍්‍රථම අධිවේගී මාර්ගයේ කොටසකට අද මුල්ගල් තැබේ

සිතාරා අතුකෝරළ




ඉගුරු කඬේ හන්දියේ සිට ගාළු මුවදොර දක්වා දිවෙන වරාය පිවිසුම් ගුවන් මාර්ගයට අද (10) මුල්ගල් තැබෙනවා. එම මාර්ගය ඉදිකිරීම හරහා ඒ අවට පවතින රථ වාහන තදබදයට විසදුම් ලැබෙන බවයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් පැවසුවේ.

ශී‍්‍ර ලංකාවේ කණු මතින් ඉදිවන ප‍්‍රථම අධිවේගී මාර්ගයද මෙය වනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 300 ක්. ඉගුරු කඬේ හන්දියේ සිට ගාළු මුවදොර දක්වා දිවෙන වරාය පිවිසුම් ගුවන් මාර්ගය ඉදිකෙරෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේයි.