Wednesday, May 15, 2024

General line - 0115112241

ක්ෂේත්‍ර තුනක් අද වැඩවර්ජනයක - හැඳුනුම්පත් නිකුත් කිරීමටත් බාධා වෙයි ලු

සජිත් තිලකරත්න




ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමය, විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුව සහ සමස්ත ලංකා සුව සේවා සංගමය අද (10) වැඩවර්ජනවල නිරත වනවා.

පරිපාලන සේවා නිලධාරීන් අද සහ හෙට (11) ලෙඩ නිවාඩු වාර්තා කර ඇත්තේ තමන්ට සිදුවන දේශපාලන බලපෑම් සහ වැටුප් විෂමතා ඇතුළු ගැටළු කිහිපයක් මුල කර ගනිමින්.

මෙම වර්ජනය හේතුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම් ඇතුළු  කටයුතු රැසකට අද දිනයේ බාධා එල්ල වන බවයි ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා පැවසුවේ. 

මේ අතර වැටුප් විෂමතා ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් තමන්ද අද සිට අඛණ්ඩ වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කරන බවයි විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ.

මෙම වර්ජනය හේතුවෙන් ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට එල්ල විය හැකි බාධා පිළිබදව එහි මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් අදහස් දක්වමින් සඳහන් කළේ "විශ්ව විද්‍යාල කටයුතු පවත්වාගෙන යෑමට කිසිසේත් හැකියාවක් ලැබෙන එකක් නෑ. මොකද අධ්‍යයන කාර්යමණ්ඩලයට පමණක් විශ්ව විද්‍යාලයක කටයුතු පවත්වාගෙන යන්න අපහසුයි." යනුවෙනි.

සමස්ත ලංකා සුව සේවා සංගමයද අද දිනයේ පැය 4 ක සංඛේත වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට තීරණය කර  තිබෙනවා. එහි ප‍්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ කියා සිටියේ පවතින ගැටලු පිළිබඳ වසර දෙකක් පුරාවට බලධාරීන් සමග සාකච්ඡා කළත් විසඳුම් මේ දක්වා නොලැබුණු බවයි.