Thursday, May 16, 2024

General line - 0115112241

පොලිසියට වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවන් සමග අතුරුදන් වූ ගිනි අවි 02ත් මතු වේ




පොලිසියට වෙඩි තබා පළා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිට  ලැබුණු තොරතුරක් මත ඊයේ (09) සවස අදාළ යතුරු පැදියේ ගමන් කළ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් මත තවත් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අනුව මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන පිරිස 05 දෙනෙක්.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කර සඟවා තිබූ ගිනි අවි 02ක් මැගසින් 02ක් සහ සජීවී පතොරම් කිහිපයක් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන්ගෙන්  සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙහිදී සොයා ගත් ටී 56 ගිනි අවි පසුගිය දිනෙක පානදුර උතුර පොලිස් ස්ථානයෙන් සොරකම් කරන ලද ටී 56 ගිනිඅවි දෙක බවට අනාවරණය වී තිබෙනවා.

(වැඩි විස්තර පහතින්)