ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පැවැත්වෙන කෝප් කමිටුව හමුවේ කරුණු දැක්වීමට තමන්ටද අවස්ථාවක් දෙන්නැයි ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල කෝප් කමිටුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති වෙත ලිපියක්ද යොමු කරමින්.
ඉකුත් 3 වනදා කෝප් කමිටුව හමුවේ පෙනී සිටි ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් එම ආයතනය සම්බන්ධයෙන් වගකීමකින් තොරව අදාළ ප්‍රශ්නවලට නිසි පිළිතුරු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයට හා ගෞරවයට හානිවන අන්දමින් අදහස් ප්‍රකාශ කර තිබුණා.
ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වූ තමන්ගේ නම එම කරුණු විමසීමේදී ඉදිරිපත් වූ බැවින් ඉදිරියේදී ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ටද අවස්ථාවක් දෙන ලෙසයි තිලංග සුමතිපාල මන්ත්‍රිවරයා යැවූ එම ලිපියේ දැක්වෙන්නේ. ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විමසනු ලැබූ කරුණුවල සත්‍යතාව පෙන්වා දීමට එහිදී තමන්ට හැකියාව ලැබෙන බවද ඔහු සදහන් කළා.