Friday, May 3, 2024

General line - 0115112241

කිසිදු ජනපති අපේක්ෂකයෙකු සමග ගිවිසුම් නැහැ - පොහොට්ටුව කියයි 




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනත් කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකු සමග දේශපාලන ගිවිසුමක් ඇති කරගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින්.

මැතිවරණ නීති උල්ලංඝණය කෙරෙන එවැනි ගිවිසුමකට පැමිණීමට කිසිදු අවශ්‍යතාවයක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොමැති බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

එම මාධ්‍ය හමුවේදී එස් බී දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ලබාගන්නා ඡන්ද ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට හිමිවන බවයි.