Friday, May 3, 2024

General line - 0115112241

වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි




බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස දෙව්ලොවට වැඩම වීම සහ වස් පවාරණය කිරීම ඇතුලූ සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම සිදුවූ වප් පුර පසළොස්වක පොහෝ දිනය අදට (13) යෙදී තිබෙනවා.

කඨින පිංකම් සිදු කෙරෙන බැවින් මෙම මාසය චීවර මාසය ලෙස ද හැඳින්වෙනවා.

එබැවින් වප් පුර පසළොස්වක පොහෝ දිනය ගිහි පැවිදි දෙපාර්ශ්වයටම ඉතා වැදගත් පොහෝ දිනයක් බවයි කඩවත, මංකඩ පාර, දහම් නද ධර්මාශ‍්‍රමයේ අනුශාසක පූජ්‍ය කොළබිස්සේ ධම්මානන්ද හිමියන් සඳහන් කළේ.

වප් පුර පසළොස්වක පොහෝ දිනයේ වැදගත්කම පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කළ පූජ්‍ය කොළබිස්සේ ධම්මානන්ද හිමියන් සඳහන් කළ කරුණු පහතින් දැක්වෙයි.