Friday, May 3, 2024

General line - 0115112241

පුවත්පත් දැන්වීමක් ගැන ‍යුද හමුදාපතිවරයාගෙන් ආරක්ෂක ලේකම්වරයාට කරුණු දැක්වීමක්




ජනාධිපතිවරණයට අදාළ පුවත්පත් දැන්වීම පිළිබද යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සහ ආරක්‍ෂක ලේකම්, ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ කළ කරුණු පැහැදිලි කිරීම සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව මැතිවරණ කොමිසම පවසනවා. 

අදාළ පුවත්පත් දැන්වීම සම්බන්ධයෙන්  ඔවුන් දෙදෙනා කළ කරුණු දැක්වීම පිළිබද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මෙලෙස අදහස් පළ කළා.

මේ අතර යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිදුකළ ප‍්‍රකාශයක වීඩියෝවක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණා. 

පසුව ඒ පිළිබදව මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් කරමින් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු සදහන් කළේ එම ප‍්‍රකාශය යුද හමුදාපතිවරයා 2009 වසරේදී සිදුකළ එකක් බවයි.