Saturday, May 11, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිලි 1000 ඉක්මවයි




එළඹෙන ජනාධිපතිවරණයට අදාළ නාම යෝජනා භාරදුන් පසු මේ දක්වා කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත  පැමිණිලි 1034 ක් ලැබී තිබෙනවා.  ඊට ප්‍රචණ්ඩ ක්‍රියා 08 ක්, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 992 ක් සහ වෙනත් පැමිණිලි 34 ක් ද අයත්. 

මේ අතර ඊයේ (19) පස්වරු 04 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ පමණක් ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 96 ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වී තිබෙනවා. එම පැමිණිලි අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 92 ක් සහ වෙනත් පැමිණිලි 04 ක් ද වන බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.