Sunday, May 12, 2024

General line - 0115112241

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩාගාරික ධූරය දුමින්දට




එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩාගාරික ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පත් කර තිබෙනවා. ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ පොදුජන එක්සත් පෙරමුණේ විධායක කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි. 

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩාගාරික ධූරයේ කටයුතු කළා. නව තනතුරට පත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයා ද වනවා.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ පොදුජන එක්සත් පෙරමුණේ තවත් තනතුරු කිහිපයක් සංශෝධනය කිරීමට ද මෙහිදී යෝජනා වී තිබෙනවා. කෙසේ වෙතත්, ඒ පිළිබඳ අවසන් එකඟතාවයකට මෙතෙක් නොපැමිණි බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක නෙත් නිවුස් වෙත පැවසුවේ.