Thursday, May 16, 2024

General line - 0115112241

රුවන්වැලි සෑයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ගැන අටමස්ථානාධිපති හිමිගෙන් පැහැදිලි කිරීමක්




දැනට සිදුකෙරෙමින් තිබෙන ප‍්‍රතිසංස්කරණ කටයුතුවලින් රුවන්වැලි මහා සෑයට කිසිඳු හානියක් නොමැති බව අනුරාධපුර, අටමස්ථානාධිපති ආචාර්ය, පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදීයි. 
 

රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළකළා.

උන්වහන්සේ පැවසුවේ රුවන්වැලි මහා සෑයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බවයි.