Friday, May 3, 2024

General line - 0115112241

ටෙස්ට් සංචාරයක් සඳහා ලබන වසරේදී එංගලන්ත පිල ශ්‍රී ලංකවට




ලබන වසරේ, එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තරග කාල සටහන එළි දක්වා තිබෙනවා. ඒ අනුව දෙරට අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලබන වසරේ මාර්තු 19වනදා සිට 23වනදා දක්වා ගාල්ල ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී පැවත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

දෙවන ටෙස්ට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතයි. ඒ එළඹෙන මාර්තු 27වනදා සිට  31වනදා දක්වායි. එංගලන්ත කණ්ඩායම මෙම ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමග පුහුණු තරග දෙකකටද සහභාගී වීමට නියමිතව තිබෙනවා.