Friday, May 3, 2024

General line - 0115112241

රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂගෙන් නීතිඥ ශිරාල් ලක්තිලකට එන්තරවාසියක් 




ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංග සම්බන්ධයෙන් ඔහුගේ දියණිය අහිම්සා වික්‍රමතුංග විසින් අමෙරිකාවේ කැලිෆෝනියා හී මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයේ පවරා තිබූ නඩුවේ තීන්දුව ලබාදීමට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාපක්ෂගේ නීතිඥයින් ඉදිරිපත් කර තිබූ කරුණූ ජාතියේ මහා පාවාදීමක් ලෙස අදහස් පළ කළ නීතිඥ ශිරාල් ලක්තිලකගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥයින් එන්තරවාසියක් එවා තිබෙනවා.

අද (25) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබූ ජාතියේ මහා පාවාදීම නම් විවෘත සම්මන්ත්‍රණයකදී නීතිඥ ශිරාල් ලක්තිලක මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ ශිරාල් ලක්තිලක ප්‍රකාශ කර සිටියේ මෙම නඩුවේ තීන්දුව පිළිබඳව තමන් සමග ගෝඨාභය රාජපක්ෂ මහතාට විවාදයකට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත් එසේ නොහැකි නම් ඔහුගේ නිතිඥයින්ට හෝ මේ නඩු තීන්දුව සම්බන්ධයෙන් තමන් සමග ප්‍රසිද්ධ මාධ්‍යක් හරහා විවාදයකට පැමිණෙන ලෙසයි.