Monday, May 13, 2024

General line - 0115112241

"ලෝක වෙළඳපළ ආක‍්‍රමණය කළ හැකි ආර්ථිකයක් රටේ නිර්මාණය කරනවා"




රට තුළ නව කර්මාන්ත ආරම්භ කිරීම සඳහා තම ආණ්ඩුවක් යටතේ පහසුකම් ලබාදෙන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. ඔහු පෙන්වාදෙන්නේ ලෝක වෙළඳපළ ආක‍්‍රමණය කළ හැකි ආර්ථිකයක් රට තුළ නිර්මාණය කරන බවයි. 

තමා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව ද රට පුරා නිවාස ඉදිකිරීම් අඛණ්ඩව සිදුකරන බවයි ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ප‍්‍රකාශ කළේ. 

ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මෙම අදහස් පළකළේ මාවතගම ප‍්‍රදේශයේ පැවැති ජනරැළියක් අමතමින්.