Saturday, May 4, 2024

General line - 0115112241

පක්ෂවල නියෝජිතයන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්




එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල නියෝජිතයන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද (29) පැවැත්වෙනවා.

ඒ පිළිබඳව කරුණු දැක්වූ මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක කියා සිටියේ ජනාධිපතිවරණයට අදාළ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමත් ඊට අදාළ කරුණු ගැන දේශපාලන පක්ෂ දැනුවත් කිරීමත් මෙහි අරමුණ බවයි.

මේ අතර, නාමයෝජනා භාර දීමෙන් පසු මේ දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් පිළිබඳ පැමිණිලි 2,000කට ආසන්න සංඛ්‍යාවක් මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති බව ද මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.