Saturday, May 4, 2024

General line - 0115112241

නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදා හැරීමේ කටයුතුවලට බාධා




පවතින වැසි හේතුවෙන් නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදා හැරීමේ කටයුතුවලටද බාධා එල්ල වී තිබෙනවා. අදාළ බෙදා හැරීම් කටයුතු සඳහා තැපැල් සේවකයින්ට වැසි කබා ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්ද කළ බවයි තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර ඡන්ද දායකයෙකුට ලබන මස 9 වැනිදා වනවිට සිය නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකාව නොලැබුණේ නම් සිය ප‍්‍රදේශයේ තැපැල් කාර්යාලයට හෝ උප තැපැල් කාර්යාලයට ගොස් එය ලබාගත හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.