Friday, May 3, 2024

General line - 0115112241

"දකින දකින කෙනාට එක එක වර්ගයේ කේජු කෑලි"




මෙවර ජනාධිපතිවරණයේ පැහැදිලි වැඩපිළිවෙලක් ඇති ශක්තිමත්ම කණ්ඩායම සිටින්නේ ජාතික ජන බලවේගය සතුව බව එහි ජනාධිපති ධුර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.

කොළඹ, මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ පැවති සමුළුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී "අපට එරෙහි කඳවුරු කිසිඳු මතයක්...කිසිඳු ඉලක්කයක්..අරමුණක් නිශ්චිත ලෙස පැහැදිළි කරන්න බැරි හතරවටේ දුවන කණ්ඩායම් බවට පත් වී තිබෙනවා. දකින දකින කෙනාට එක එක වර්ගයේ කේජු කෑලි දික්කිරීමේ දේශපාලනයකට ඔවුන් ගිහින් තිබෙනවා. ගොවියන් දැක්කොත් කියනවා පොහොර දෙනවා කියලා..ධීවරයන් දැක්කොත් කියනවා..ඩීසල් සහනාදාර දෙනවා කියලා...උපාධිදාරීන් දැක්කොත් කියනවා..රැකියා දෙන්නම් කියලා. ඒ අනුව බලන කොට මේ ගුණාංග අතින් ඉදිරියෙන්ම සිටින ශක්තිමත්ම කණ්ඩායම අපියි." යනුවෙන් සඳහන් කළා.