Monday, May 13, 2024

General line - 0115112241

රටම කතා කළ පොල්ලමුර වීරසේකර විද්‍යාලයට 'දිරිය නෙත්' සවිය




දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන යටතේ තවත් අදියරක් බලංගොඩ, පොල්ලමුර වීරසේකර විද්‍යාලයේදී අද (29) පෙරවරුවේ පැවැත්වුණා.

මෙම විද්‍යාලය පිළිබඳ මීට පෙර බැලුම්ගල වැඩසටහනක්ද සිදු කෙරුණා. ඒ මෙම පාසලේ ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන් විශේෂ කැප කිරීමක් සිදු කරමින් දිනපතාම උදෑසන 5.00ට පාසල ආරම්භ කරමින් දරුවන්ට ඉංග්‍රිසි කථා කිරීමේ හැකියාව වර්ධනය කරමින් වැඩපිළිවෙලක් දියත් කරමින් කටයුතු කිරීම නිසාවෙනි. 

ඒ අනුව එම විද්‍යාලයට අවශ්‍ය පුස්තකාල උපකරණ ඇතුළු පාසල් උපකරණ රැසක් බෙදාදීම මෙහිදී සිදු කෙරුණා.

ඒ පිළිබද වැඩිදුර කරුණු දැක් වූ නෙත් විශේෂ නියෝජිතයා සඳහන් කළේ හොඳ පුස්තකාලයක් සකසා ගැනීමේ දරුවන්ගේ අවශ්‍යතාව ඉටු කිරීමට දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන යටතේ හැකි වී තිබෙන බවයි.

දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන යටතේ පුස්තකාලයට අවශ්‍ය පොත්, පුස්තකාල උපකරණ, පරිගණක, පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව සහ අවශ්‍යතා ඇති දෙමව්පියන්ට මහනමැෂින් වැනි උපකරණ බෙදාදීමක් ද සිදු කෙරුණා.

මෙම කටයුත්තේදී නෙත් එෆ්. එම්. රේඩියෝව සමග අත්වැල් බැඳගනිමින් අමෙරිකාවේ රොක් හිල් හී හෙල්ත් සවුත්  සෞඛ්‍ය පුනරුත්තාපන රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මාලිකා ජයසූරිය ධන පරිත්‍යාගයක් සිදු කළා.