Sunday, May 12, 2024

General line - 0115112241

උඩරට දුම්රිය මාර්ගයට දෙනුවර මැණිකේ නමින් සුඛෝපභෝගි දුම්රියක්




උඩරට දුම්රිය මාර්ගය සදහා S-14 වර්ගයේ බලවේග කට්ටල දුම්රියක් එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ, එම දුම්රිය මාර්ගයේ පවතින අධික මගී ඉල්ලුම සැලකිල්ලට ගනිමින්. දෙනුවර මැණිකේ ලෙස නම් කර ඇති මෙම සුඛෝපභෝගී දුම්රිය ලබන මස පළමු වනදා සිට කොළඹ කොටුවෙන් ධාවන කටයුතු ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරෙන මෙම දුම්රිය පළමු පන්තියේ මැදිරි 2 කින්, දෙවන පන්තියේ මැදිරි 2 කින් සහ 3 වන පන්තියේ මැදිරි 3 කින් සමන්විතයි. මෙම සියළුම පන්තිවල ආසන කලින් වෙන්කර ගත හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.

මෙම සුඛෝපභෝගි දුම්රියේ සියළු මැදිරි සදහා මහජන ඇමතුම් පද්ධතියක්ද ස්ථාපිතයි. පළමු පන්තියේ වායු සමනය කළ මැදිරි තුළ රූපවාහිනි, ජංගම දුරකතන ආරෝපන පහසුකම්වලින්ද යුක්ත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.