Monday, May 13, 2024

General line - 0115112241

රෑට කරන වැඩ ගැන චෝදනාවට සජිත්ගෙන් උත්තර




තමා සාම්ප්‍රදායික රාමුවෙන් පරිභාහිරව කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු පෙන්වාදෙන්නේ තම ආණ්ඩුවක් යටතේ නව වැඩපිළිවෙළක් රටට දායාද කරන බවයි. 

සිය ඉදිරි දේශපාලන වැඩකටයුතු සම්බන්ධයෙන් කළ ප්‍රකාශයන් සඳහා එල්ල වන චෝදනාවන්ට ද ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පිළිතුරු ලබාදුන්නා. 

ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළ කළේ බත්තරමුල්ලේ පැවැති උත්සවයකට එක්වෙමින්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම උත්සවයට එක්වුණා.