Monday, May 13, 2024

General line - 0115112241

රටේ සංවර්ධනය පැහැදිලි සැලැස්මකින් යුතුව ආරම්භ කරනවා : ගෝඨාභය රාජපක්ෂ




ඉදිරි ආණ්ඩුවක් යටතේ රට සංවර්ධනය කිරීම සඳහා පැහැදිළි සැලැස්මක් සමග කටයුතු ආරම්භ කරන බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අම්පාර ප්‍රදේශයේ අද (29) පැවැති ජනරැළියකට එක්වෙමින්. 

සිය රජයක් යටතේ පොලිස් සේවයේ පවතින විවිධ විෂමතා නිවැරදි කිරීමට කටයුතු කරන බව ද ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ තවත් ජනරැළියකදී ප්‍රකාශ කළා. 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මෙම ජනරැළිය ඇමතුවා.