Tuesday, May 14, 2024

General line - 0115112241

තැපැල් ඡන්දයේ මුල් අදියර සාමකාමීව අවසන්




2019 ජනාධිපතිවරණයට අදාළව ඊයේ (31) සහ අද (01) පැවති තැපැල් ඡන්ද විමසීම සාමකාමීව සිදු කෙරුණු බව මැතිවරණ කොමිසම පවසනවා.

ඊයේ සහ අද දිනයන්හි තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයන්ට ලබන 07 වනදා සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේදී ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි එම කොමිසම සඳහන් කළේ. ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක.