Sunday, May 19, 2024

General line - 0115112241

"යු ආර් අ ලීඩර්" නායකත්ව පුහුණු වැඩසටහනේ අවසන් දිනය අදයි




නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන පුහුණු වැඩසටහනේ දෙදින කඳවුරේ අවසන් දිනය අදයි. මෙවර යූ ආර් අ ලීඩර් වැඩසටහන පැවැත්වෙන්නේ කැළණිය දරණාගම මහා විද්‍යාලයේදීයි. ලංකා බැංකුවේ අලෙවි අංශයේ සහකාර මහා කළමනාකරු සමන් වික්‍රමසිංහ වැඩසටහන සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන පුහුණු වැඩසටහනට සහභාගී වූ අංකුර නායකයින්ගේ විසිරයාමේ උත්සවය ද අද පැවැත්වෙනවා. 
 

.............................................................

නෙත් එෆ් එම් "යු ආර් අ ලීඩර්" නායකත්ව පුහුණු කඳවුරේ තෙවන දිනය සාර්ථකව අවසන් කෙරේ 

(03-11-2019 19:24)

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන පුහුණු වැඩසටහනේ දෙදින කඳවුර අද (03) සාර්ථකව සිදු කෙරුණා. මෙවර යූ ආර් අ ලීඩර් වැඩසටහන පැවැත්වෙන්නේ කැළණිය දරණාගම මහා විද්‍යාලයේදීයි. මේ ඊට එක් වූ සිසු දරුවන් කිහිප දෙනෙක්. 

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන පුහුණු වැඩසටහනේ අද තුන්වන දිනය වන අතර, හෙටින් වැඩසටහන අවසන් වනවා.
 

..................................................................................

"නායකයන් බිහි වුවත් නායකයන් ලෙස සමුගන්නා අය අඩුයි"

(03-11-2019 09:05)

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන කඳවුර තෙවන දිනටත් කැළණිය දරණාගම මහ  විද්‍යාලයේදී අද (03) කි‍්‍රයාත්මකයි.

එම කඳවුරේ ඊයේ කටයුතු අවසන් වූයේ රාත‍්‍රියේ පැවැති විචිත‍්‍රවත් ගිනිමැළ සංදර්ශනයකින්. 

යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහන පිළිිබඳ අදහස් දක්වන ලංකා බැංකුවේ අලෙවි අංශයේ ප‍්‍රධාන කලමනාකාරිනී  චම්පා ද සිල්වා කියා සිටියේ "විවිධ තැන්වලදී අවස්ථාවට අනුව නායකයන් බිහි වූවත් නායකයෙකු ලෙස සමුගන්නා පිරිස බොහෝවිට අඩු බවයි. ඒ අනුව මෙම වැඩසටහන අනාගතයට ඵලදායී නායකයෙකු බිහි කරන්නේ කෙසේද යන්න මනාවට පෙන්වා දෙනවා." යනුවෙනි.

කඳවුරු ගතව සිටින දරුවන් අද දිනයේත් විවිධ ක‍්‍රියාකාරකම්වල නිරත වීමට නියමිතයි. 

-----------------------

"යූ ආර් අ ලීඩර්"  අංකුර නායකයින් ගිනිමැල සංදර්ශනයට සුදානම් වෙයි 

(02-11-2019 19:23)

 

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන කඳවුර කැලණිය දරණාගම මහ  විද්‍යාලයේදී මේ වන විට පැවැත්වෙනවා. කදවුරට සහභාගි වන විද්‍යාලීය දරු දැරියන් අද (02) දිනයේ ද විවිධ ක්‍රියාකාරකම් වල නිරත වුණා. එහිදී ලද අත්දැකීම් පිලිබඳව සිසුන් කිහිප දෙනෙකු මෙලෙස විස්තර කළා.

කදවුරට සහභාගි වූ දරු දැරියන්ගේ දක්ෂතා විදහා දැක්වෙන විචිත්‍රවත් ගිනිමැල සංදර්ශනයක් ද අද රාත්‍රියේදී කැලණිය දරණාගම මහ විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතයි.

.........................................................

46 වෙනි නෙත් එෆ් එම් "යූ ආර් අ ලීඩර්" නායකත්ව පුහුණු කඳවුරේ දෙවන දිනය අදයි 

(02-11-2019 06:52)

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන කඳවුරේ 46 වැන්න, දෙවන දිනටත් කැළණිය දරණාගම මහා විද්‍යාලයේදී මේ වනවිට පැවැත්වෙනවා. ඒ සදහා එක්ව සිටින දරු දැරියන් මේ වනවිට උදෑසන ව්‍යායාම් කටයුතුවල නිරතව සිටිනවා.

මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කොන්දේසි විරහිත ආදරය රසවින්දනාත්මක වැඩසටහන ඊයේ (01) රාත්‍රියේ පැවැත්වුණා. ඊට එක් වූ මව්පියන් කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

ලංකා බැංකුවේ සහකාර මහා කළමණාකාර - බස්නාහිර පළාත උතුර ප්‍රියල් සිල්වා මෙම වැඩසටහන පිළිබද මෙලෙස අදහස් දැක්වූවා.

 

 

..............................................

නෙත් එෆ් එම් "යූ ආර් අ ලීඩර්" නායකත්ව පුහුණු කඳවුරේ 46 වෙනි වැඩසටහන ඇරඹේ 

(01-11-2019 19:23)

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන කඳවුරේ 46 වැන්න, දරණාගම මහ විද්‍යාලයේදී අද (01) ආරම්භ වුණා. විද්‍යාලයේ දරු දැරියන් වෙනුවෙන් මෙන්ම  ගුරුවරුන් සහ මව්පියන් වෙනුවෙන් ද වැඩසටහන් කිහිපයක් අද දිනයේ පැවැත්වුණා. ගුරුවරුන් සඳහා පැවැති පුහුණු සැසියෙන් අනතුරුව ඊට එක්වූ  ගුරුවරුන් කිහිප දෙනෙක් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

මෙම වැඩසටහන යටතේ පැවැත්වෙන “කොන්දේසි විරහිත ආදරය” රසවින්දනාත්මක වැඩසටහන තවත් නොබෝ වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.