Thursday, May 9, 2024

General line - 0115112241

චන්ද්‍රිකාට ශ්‍රීලනිපයෙන් පණිවිඩයක්




ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් කළ හැක්කේ පක්‍ෂය තුළ සිට කරන අරගලයකින් පමණක් බව එහි මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පවසනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග ඇතුළු කිහිප දෙනෙකු එක්සත් ජාතික පෙරමුණ සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මන්ත්‍රීවරයා මේ බව කියාසිටියා.

හිටපු ජනාධිපතිනිය ගත් තීරණය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අභියෝගයක් නොවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මෙහිදී කියාසිටියා.