Tuesday, May 14, 2024

General line - 0115112241

රනිල්ට තිබූ යටි අරමුණ විජේදාස හෙළි කරයි




රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හදිසියේ මිලේනියම් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට උත්සහ දරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම කඩා දැමීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රි විජේදාස රාජපක්ෂ පවසනවා.

ජන හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළා.

එහිදී "සජිත් ප්‍රේමදාස කියනවා 'මම ජනාධිපති වුණොත් පත් කරන්නේ මට ඕන අගමැති' කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා.. 'නෑ නෑ මම ම තමයි අගමැති..' කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්සහ දැරුවා මිලේනියම් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්න..ඇයි මේ කඩිමුඩියේ මේක අත්සන් කරන්න උත්සහ කරන්නේ... එතුමා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරන්න යනවා. අමෙරිකානු රජයේ වහල් දූපතක්  බවට පත් කරන්න ඒ හදපු සැළසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්සහ කළා.. සජිත් ප්‍රේමදාස මහත්තයා..  'මම විදේශිකයන්ට ඕන විදිහට නටන රූකඩයක් නොවේ' කියලා.. වේදිකාවක් ගානේ කියාගෙන යනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට හිතුනා මේක එළියට දාන්න හොඳම වෙලාව මේක.. ඒක දාපුගමන් තව ලක්ෂ 10ක් 15ක් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමින් කැඩිලා ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට එකතු වෙනවා කියලා රනිල් වික්‍රමසිංහ දන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයා පරාජය කිරීමේ දැවැන්තම උවමනාව තියෙන්නේ වෙන කාටවත් නෙවෙයි... රනිල් වික්‍රමසිංහ මහත්තයාටයි." යනුවෙන් සඳහන් කළා.