Sunday, May 19, 2024

General line - 0115112241

ගෑස් හිඟයට පිළියමක් : හදිසි මිලදී ගැනීමක් ලෙස ගෑස් මෙට්ට්‍රික් ටොන් 12000ක් මිලදී ගනියි 




මේ දිනවල වෙළඳපොළේ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්ට්‍රික් ටොන් 12000 ක් හදිසියේ මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය යටතේ පවත්නා ලිට්ට්‍රෝ ගෑස් සමාගම මගින් මෙය ආනයනය කර වෙලඳ පොළට වහා නිකුත්කිරීමට කටයුතු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ඒ අනුව ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600 ක් රැගත් නැවක් ඊයේ (02) දිනයේදී වරායට සේන්දු වූ අතර අඟහරුවාද තවත් මෙට්ට්‍රික් ටොන් 3600 ක් රැගත් නැවක් වරායට පැමිණීමට නියමිතව ඇත. ඊට අමතරව ලබන සෙනසුරාදා ද තවත් ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600 ක් රැගත් නැවක් පැමිණීමට නියමිතව ඇත.

හදිසි මිලදී ගැනීම් යටතේ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඇණවුම් කරන ලද ගැස් මෙට්ට්‍රික් ටොන් 6000 බැගින් ලබන සතිය තුළ දිවයිනට ලඟාවන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ඒ අනුව පෞද්ගලික ගෑස් ආනයන සමාගමක පැවති අඩු සැපයුම් නිසා ඇතිවූ ගෑස් හිඟය මෙම සතිය තුළ අවසන්වනු ඇති බැවින් මේ පිළිබඳව අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන්නැයි රජය පාරිභෝගික ජනතාවට දැනුම් දෙයි.

මෙම ගෑස් හිඟය අවස්ථාවක් කරගෙන ගෑස් සඟවාගෙන හා වැඩි මිලට අලෙවි කළ අලෙවි නියෝජිත වෙළඳ සැල් 40 ක් පමණ පාරිභෝගික අධිකාරිය විසින් වැටලිම් කර ඇත. ඉදිරි දිනවලදී මෙම වැටලීම් දැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය විසින් කටයුතු කර ඇති අතර එම කූට වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු යොදා තිබෙන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.