Sunday, May 19, 2024

General line - 0115112241

හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් සමග යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට (PHOTOS)




ගාල්ලට නුදුරු මුහුදු තීරයේදී බහුදින ධිවර යාත්‍රාවක තිබි හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් සහ සැකකරුවන් පස් දෙනෙකු නාවික හමුදාව විසින් අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙරටට අයත් මෙම යාත්‍රාව මගින් අදාළ මත්ද්‍රව්‍ය තොගය ගොඩබිම කරා රැගෙන එමින් සිටියදී නාවික හමුදාව සිදුකළ සෝදිසියකදී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කලේ අත්අඩංගුවට ගනු ලැබු  මත්ද්‍රව්‍ය තොගය සමග බහුදින ධීවර යාත්‍රාව මේ වන විට නාවික හමුදා මුර යාත්‍රා විසින් කොළඹ වරායට රැගෙනවිත් තිබෙන බවයි. 

වසරේ මේ දක්වා නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුම් වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 739ක් අත් අඩංගුවට ගෙන තිබෙන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේ.