Sunday, May 19, 2024

General line - 0115112241

ගිනි අවි දෙකක් සමග සැකකරුවන් ඇල්පිටියේදී අත්අඩංගුවට




ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් කහතුඩුව පාලම සහ තිබ්බටුව ආරණ්‍ය අසලදී පිස්තෝලයක් සහ රිවෝලර් වර්ගයේ ගිනි අවි දෙකක් සහ මිලි මීටර් 09 වර්ගයේ උණ්ඩ 07 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29ක් සහ 35 වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙක්ය.

අත්අඩංගුවට ගනු ලැබූ එක් සැකකරුවෙක් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 560 ක් සහ ඩිජිටල් වර්ගයේ තරාදියක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත. සැකකරුවන් අද දිනයේදී ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.